ශ්‍රී සද්ධර්මය

 

 සද්ධර්ම ශ්‍රවණය සෝවාන් අඟෙකි.
සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස ප්‍රහීන කොට උතුම්වූ නිවන් මග ඇරඹීම පිණිස ශ්‍රී සද්ධර්මය. 

සූත්‍ර පිටකය : සංයුක්ත නිකාය : සෝතාපත්ති සංයුක්තය : දුතිය සාරිපුත්ත සූත්‍රය
අභිධර්ම පිටකය : ධම්මසංගණිප්‍රකරණය 387 පිට

 

          භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ස්වකීය අසහාය ප්‍රඥාවට ගෝචරවූ විද්‍යානුකූල ක්‍රමවේදය තුළින් ලෝසතුන් තුළ ලෝකය කෙරෙහි පවත්නා ඡන්ද රාගය දුරුකොට උතුම්වූ නිවන කරා ගමන් ගන්නා මාර්ගය පෙන්වාදුන් සේක. අති ශ්‍රේෂ්ඨ වූ අර්ථවත් වූ කෝටි සංඛ්‍යාත පිරිසකට අරිය මග පෙන්වා දුන් ඒ ධර්ම දේශනායැයි හඳුන්වමින්, අදද නැවත නැවතත් දේශනයන් පවත්වන වන නමුදු ඉන් ලැබෙන ප්‍රථිඵල පිළිබදව සතුටට පත්විය නොහැකි බවක් පෙනේ.
         එදා එවන් ප්‍රතිඵල දායක වූ දහමට, පසුකාලීනව දෙනලද විවිධ අර්ථකථන තුළින් සිදුවූ හෝ සිදු කරන ලද්දාවූ අර්ථ වෙනස් වීම් මුල්කොට ගෙන මෙම ප්‍රතිඵල
හීනබව ඇතිවූවාදැයි විමර්ෂණය කර බලනු වටී. අද අසන්නට ලැබෙන ධර්ම දේශනා වල අර්ථ දැක්වීම්ද මෙම පර්යේෂණයට භාජනය කිරීම වඩාත් ප්‍රථිඵල දායකවනු ඇත. මේ ඒ සදහා ලැබෙන ශ්‍රේෂ්ඨතම අවස්ථාවයි.
         බුදු වරයෙකු විසින් දේශනා කරන්නට යෙදෙන අර්ථවත් ධර්මය උන්වහන්සේලාගේ පරිනිර්වානයෙන් පසුව වෙනස් වීම් වලට භාජනය වීම චක්‍රයක් ලෙස සිදුවන්නකි. මේ සදහා පෙන්වාදිය හැකි සරල උදාහරනයක් නිරතුරු ඔබ දකින වචන පෙළක්වන
ආරෝග්‍යා පරමා ලාභා යන පදවැල ආධාරකොට ගෙන ඉදිරිපත් කල හැකිය.
වැඩිපුර තොරතුරු කියවන්න
         මේ ආකාරයටම පිරිසිදු බුදුදහමේ මූලික හරය පිළිබදව වන අර්ථ දැක්වීම්ද අවධානයට ලක්කළ යුතුයැයි හැ‍ෙඟ්. පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ විසින් දේශිත පහත අඩංගු අර්ථවත් ධර්ම දේශනා ශ්‍රාවකයාව එවන් පර්යේෂණ මානසිකත්වයකට යොමු කරවයි. දීර්ඝ කාලයක් තිස්සේ සැඟවගොස්
තිබූ පද නිරුක්ති ක්‍රමවේදය තුලින් ඔප් නැංවී එන, යථා අර්ථයෙන් පරිපූර්ණ මේ දහම් සිංහ නාදය, ඔබේ නුවණින්ම විමසා බැලීම පිණිසය.
        
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ධර්ම දේශනා මෙහි ඇතුළත් වෙයි. උන්වහන්සේ සමග කරන ලද ධර්ම සාකච්ඡාද මෙහි ඇතුළත්ය. පෙර සකසන ලද ප්‍රශ්න හා පිළිතුරු මේ තුළ බොහෝ විට අඩංගු නොවන අතර,  ඒ හේතුවෙන් ඔබට සිදු වන අපහසුතාවය ඉවසා, අවශ්‍ය කොටස් පමණක් ශ්‍රවණය කරන්න.

        ශ්‍රාවකයන්ගේ පහසුව පිණිස උතුම් වූ නිවන් මගට වැදගත් වන කරැණු කාරණා අඩංගු ධර්ම ද්ශනා ගොනුකොට සැකැසුණු කාණ්ඩය පහත නිවන් මග සම්බන්ධය හරහා බාගතකොට ගතහැක. එමෙන්ම කර්තෘ තේරීම් තුළ ඉතාමත් වැදගත් දහම් උපදේශයන් ඇතුළත් ධර්ම දේශනා අඩංගු වේ. එම ධර්ම දේශනා වලට මුලින් සවන් දීම වඩාත් යහපත් බවට අඩවි කර්තෘ මණ්ඩලය යෝජනා කොට සිටී. 

 

නිවන් මග කර්තෘ තේරීම්

 

 

 

             පසුගිය වසර කිහිපයක කාලය තුළදී සෙනසුරාදා සහ පොහොය දිනයන්හීදී පවත්වන ලද වැඩසටහන් වලදී කරනලද පටිගත කිරීම් කාණ්ඩ වශයෙන් සකසා පහත සම්බන්ධතා තුළට ඇතුළු කොට තිබේ. එක් කාණ්ඩයක් එක් සංයුක්ත තැටියකට (CD) අන්තර්ගතකළ හැකිවනසේ ගොනුකොට ඇත. මසකට පමණ වරක් නව කාණ්ඩයක් එලිදක්වනු ලබයි.
          දැනට බාගතකොට ගැනීම සඳහා වන ධර්ම ද්ශනා / සාකච්ඡා ගොන්නෙහි සම්පූර්ණ ශ්‍රවන කාළය පැය 424 විනාඩි 30 කි.  සම්පූර්ණ දත්ත ප්‍රමාණය මෙ. බ. 19700 කි. දළ වශයෙන් මාතෘකා 1446 ක් අඩංගුය.

 

 

කාණ්ඩ අංක  70   කාණ්ඩ අංක 68 කාණ්ඩ අංක 67 කාණ්ඩ අංක 66
  කාණ්ඩ අංක  64 කාණ්ඩ අංක  63 කාණ්ඩ අංක  62 කාණ්ඩ අංක  61
කාණ්ඩ අංක 60 කාණ්ඩ අංක 59 කාණ්ඩ අංක 58 කාණ්ඩ අංක 57 කාණ්ඩ අංක 56
කාණ්ඩ අංක  55 කාණ්ඩ අංක  54 කාණ්ඩ අංක  53 කාණ්ඩ අංක  52 කාණ්ඩ අංක  51
කාණ්ඩ අංක  50 කාණ්ඩ අංක  49 කාණ්ඩ අංක 48 කාණ්ඩ අංක 47 කාණ්ඩ අංක 46
කාණ්ඩ අංක  45 කාණ්ඩ අංක  44 කාණ්ඩ අංක  43 කාණ්ඩ අංක 42 කාණ්ඩ අංක 41
කාණ්ඩ අංක 40 කාණ්ඩ අංක 39 කාණ්ඩ අංක 38 කාණ්ඩ අංක 37  
කාණ්ඩ අංක 35 කාණ්ඩ අංක 34   කාණ්ඩ අංක 32 කාණ්ඩ අංක 31
කාණ්ඩ අංක  30        

 

        මෙම දහම් කොටස් බාගත කොට තැටි ගත කොට පිරිස අතර බෙදා හැරිය හැකි පින්වතුන් වෙතොත්, ඒ සඳහා කර්තෘ මණ්ඩලයේ විරුද්ධත්වයක් නොමැත. තැටි සමඟ මෙම අන්තර්ජාල අඩවියේ නමද ඇතුලත් කළ හැකි නම් එය දහම් ව්‍යාප්තියට මහෝපකාරී වනු ඇත.
       
මෙහි ඇතුලත් පටිගත කිරීම් බොහෝමයක්ම ජාඇල ආර්. එන්. පද්මලාල් ද සිල්වා මහතා විසින් කරන ලද ඒවා වන අතර, ඒ හේතුකොට ගෙන ඒ මහතා හට පින්දිය යුතුවේ. මෙම පටිගත කිරීම් සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ එදිනෙදා වැඩසටහන් තුළදී කරන ලද MP3 වර්ගයේ ඒවා වන අතර, ඒ හේතු කොටගෙන  ශ්‍රවණ තත්ත්වය ඉතා උසස් මට්ටමක නොපවතී. ඒ පිළිබඳව ශ්‍රාවකයෝ කමා කරත්වා.

         පසුගිය කාණ්ඩ වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය නව කාණ්ඩවල සිට පැරැණි කාණ්ඩ දක්වා අවරෝහණ පිළිවෙලට ඉදිරි කාලයේදී සිදු කෙරෙනු ඇත.

තාක්ෂණික ගැටළු වෙතොත් කරුණාකර අඩවි කළමණාකරු දැනුවත් කරන්න.