සෙත් පිරිත් දේශනාව

 

අක්ෂර, ගණ, මාත්‍රා සහ ස්වර මනාසේ හසුරුවමින්   
අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලැබෙනසේ ශබ්ද විද්‍යානුකූලව සැකසූ   
මහානුභාව සම්පන්න සෙත් පිරිත් දේශනාව.   


 

පිවිසුම         

 

භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩසිටි කාලයේ පටන්ම සෙත් පිරිත් දේශනාව මහත් වූ ආනුභාව සම්පන්නව අද දක්වාම පවත්වාගෙන එනු ලබයි. කිසියම් පර්යායකට අනුකූලව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය පරි + අත්ත හෙවත් පිරිත් යනුවෙන් හඳුන්වනු ලබයි. නියමාකාර ලක්ෂණ වලින් පොහොසත් පිරිත් දේශනයක් ගීතස්වරයෙන් තොරය. අක්ෂර ගණ මාත්‍රා සහ ස්වර මනා සේ හසුරුවද්දී, ශබ්ද විද්‍යානුකූලව නියමිත මාත්‍රා තුළින් නැගෙන නාදය ශ්‍රාවකයා තුල ශෘංගාර රසයක්, ශබ්ද කාමයක්, ශබ්ද රාගයක් ඇති කොට සරාගී මිහිරියාවෙන් මත් කිරීමක් නොකරයි. සජ්ඣායනය කරන උතුමන්ගේ චිත්ත ශාන්තියද මුසුවී එන සෙත් පිරිත් දේශනය ශ්‍රවණය කරන්නාට මහත් වූ ශාන්තියක් උදා කරයි.
           මේ ආකාරයෙන් උතුම් වූ මහානුභාව සම්පන්න සෙත් පිරිත් දේශනය මෙකල අත්තනෝමතික ආකාරයට සිද්ධ කරන බවක් දක්නට තිබේ. දිගු කලක් තිස්සේ පරිහානිය කරා ගමන් ගන්නා පුද්ගල ශුද්ධ මානසිකත්වයේ අපහැදිලි බව මීට ප්‍රධානතම හේතුව ලෙස දක්වාලිය හැක.
            එහෙත් ඒ සියලු දුර්වලතා මගහරිමින් ලෝක සත්වයා වෙත මහත් වූ දයානුකම්පාවෙන් යුතුව ශුද්ධ මානසිකත්වය තුළින් පරිපූර්ණ ආකාරයෙන් දේශනා කරන ලද සෙත් පිරිත් දේශනයක් පහත ඇතුළත් කොට තිබේ. පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ විසින් දේශිත මෙම මහානුභාව සම්පන්න සෙත් පිරිත් දේශනය ප්‍රඥාවන්තයිනගේ පරිහරණය උදෙසාමය.

පද නිරුක්තිය
පරි :
යනු පර්යාය යන අරුත් දෙයි.
අත්ත : යනු අර්ථවත්
එනයින් කිසියම් පර්යායකට අනුකූලව අර්ථවත් දෙයක් නගා ඇත්නම් එය පරි + අත්ත = පිරිත් නම් වෙයි.

           පරිපූර්ණ සෙත් පිරිත් දේශනයක අඩංගු විය යුතු ලක්ෂණ පහත දැක්වෙන විග්‍රහයන් තුළ පෙන්වා දී තිබේ. එසේම මේ සම්බන්ධ තවත් අර්ථවත් පැහැදිළි කිරීමක් නීතිඥ චන්දන සිරිවර්ධන මහතා විසින් සම්පාදිත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ග්‍රන්ථයේ පලමු ලිපියේද අඩංගු වේ. එම ග්‍රන්ථය මෙ‍ම අන්තර් ජාල අඩවියේ ප්‍රකාශන කොටසින් නොමිලයේම බාගතකොට ගතහැක.
         සෙත් පිරිත් සිංහල බසින් දේශනා කිරීම, ගීතස්වරයෙන් දේශනා කිරීම, අර්ථ නොදැන දේශනා කිරීම ආදී නොයෙක් මත පිළිබඳව ඔබ තුළ ඇති අපහැදිළිතා ඉවත්කොට ගෙන නිවැරදි අයුරින් සෙත් පිරිත් ශ්‍රවණයට ශාරීරිකව හා මානසිකව සූදානම් වීමට මෙ‍ම විග්‍රහයන් ඔබට මනා මග පෙන්වීමක් වනු ඇත.

 තාක්ෂණික ගැටළු වෙතොත් කරුණාකර අඩවි කළමණාකරු දැනුවත් කරන්න.

 

     

පරිපූර්ණ සෙත් පිරිත් දේශනාවක ලක්ෂණ පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ කාළය :වි  12 30 MB (MP3) බාගන්න  බාගන්න

 

සෙත් පිරිත් දේශනාව  කාළය පැ : වි උසස් ශ්‍රවන තත්වය (MP3) මධ්‍යම ශ්‍රවන තත්වය (MP3)
සාමාන්‍ය ශ්‍රවන තත්වය
(MP3)
 
හැඳින්වීම - නීතිඥ චන්දන සිරිවර්ධන මහතා 0 : 06

15 MB බාගන්න

9 MB බාගන්න 4 MB බාගන්න
         
සෙත් පිරිත් දේශනාව 1 1 : 26 202 MB බාගන්න 121 MB බාගන්න 60 MB බාගන්න
( සරණාගමනය / දස ශික්ෂා පද / සාමණේර ප්‍රශ්නය / දෙතිස් ආකාරය / ප්‍රත්‍යවේක්ෂා / දස ධම්ම සූත්‍රය / මහා මංගල සූත්‍රය / රතන සූත්‍රය / කරණීය මත්ත සූත්‍රය / ඛන්ධ පිරිත / මෙත්තානිසංස සූත්‍රය / මිත්තානිසංස සූත්‍රය / මෝර පිරිත / චන්ද පිරිත / සූරිය පිරිත /
ධජග්ග
සූත්‍රය )
 
       
සෙත් පිරිත් දේශනාව 2 1 : 02 144 MB බාගන්න 86 MB බාගන්න 43 MB බාගන්න
( බොජ්ජංග පිරිත / ගිරිමානන්ද සූත්‍රය / ඉසිගිලි සූත්‍රය )
 
       
සෙත් පිරිත් දේශනාව 3 1 : 09 162 MB බාගන්න 97 MB බාගන්න 48 MB බාගන්න
( ධම්මචක්කප්පවත්තන සූත්‍රය / මහාසමය සූත්‍රය )
 
       
සෙත් පිරිත් දේශනාව 4 1 : 15 176  MB බාගන්න 105 MB බාගන්න 53 MB බාගන්න
( ආලවක සූත්‍රය / කසීභාරද්වාජ සූත්‍රය / පරාභව සූත්‍රය / වසල සූත්‍රය /  සච්ච විභංග සූත්‍රය )
 
       
සෙත් පිරිත් දේශනාව 5 1 : 20 188 MB බාගන්න 113  MB බාගන්න 56  MB බාගන්න
( ආටානාටිය සූත්‍රය )        

 


 

තවත් විග්‍රහයන් කිහිපයක්     

 
මාතෘකාව  බාගන්න (MP3) කාළය පැ : වි ප්‍රමාණය  මෙ. බ.
පිරිත් ඒදා සහ අද 0 : 02 2.1
සැමදා පිරිත් කීමේ ප්‍රතිඵල 0 : 11 8.2
පිරිත් සිංහෙලන් සජ්ඣායනා කිරීම පිළිබඳව 0 : 24 22.6