මහානුභාව සම්පන්න පටිභාන
කවි


අක්ෂර, ගණ, මාත්‍රා, ස්වර,
එළිසම සහ එළිවැට මනාසේ හසුරුවමින්
අනන්ත අප්‍රමාණ ආශිර්වාද ලැබෙනසේ ශබ්ද විද්‍යානුකූලව ගෙතූ
මහානුභාව සම්පන්න පටිභාන කවි


 

 

                 පටිභාන කවි යනු බුද්ධිමත්ව පිරිසිදු මනසින් ශ්‍රවණය කරන කල්හි, බුදු දහ‍මේ යථාර්ථයන් මතු කරමින් ශ්‍රාවකයා විමුක්තිය කරා ගෙනයන ආකාරයේ අදහස් ගැබ් කොට ගත් කවි විශේෂයකි.
                 ගීතස්වරයෙන් මිදී ශබ්ද විද්‍යානුකූලව නියමිත මාත්‍රා තුළින් නැගෙන නාදය ශ්‍රාවකයා තුළ ශෘංගාර රසයක්, ශබ්ද කාමයක් ශබ්ද, රාගයක් ඇති කොට, සරාගී මිහිරියාවෙන් මත් කිරීමක් නොකරයි. කට පාඩම් කිරීමකින් තොරව සමාධියේදි ඇතිවන ශුද්ධ මානසිකත්වය තුළින් ආයාසයකින් තොරව ගෙති එන මෙම  මහානුභාව සම්පන්න පටිභාන කවි ක්‍රමානුකුලය පැටලිලි රහිතය. එළිසම, එළිවැට මනා සේ පිහිටන මෙ‍ම කවි සිහිබුද්ධියෙන් යුතුව ශ්‍රවණය කරන්නෙකුගේ සිත උතුම්වූ ලෝකෝත්තර සමාධියට ඇදි යයි. මහානුභාව සම්පන්න ලෝකෝත්තර පටිභාන කවි සතු උතුම්වූ ගුණාංග කිහිපයක් එසේ දක්වාලිය හැක.
          භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කවීත්වය තහනම් නොකළ සේක. එහෙත් ගීතස්වරයෙන් ගායනා කිරීම අනුමත නොකළ සේක. මේ පිළිබඳව ඉතා පැහැදිළි විග්‍රහයක් ඛුද්දක වත්ථු ප්‍රකරණය - චුල්ලවග්ග පාළිය - 13 පිටුවෙහි ඇත. එමෙන්ම බුදු රජාණන් වහන්සේ කවීන් සතර දෙනෙකු පිළිබඳව කල සඳහනක්
සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකාය : චතුක්ක නිපාතය : කවි සූත්‍රය ( 444 පිට ) හි දක්නට ලැබේ.

පද නිරුක්තිය
පටි : යනු සත්වයා ලෝකයට බැඳ තබන දේ හෙවත් සංයෝජන ධර්මයි.
භාන : යනු (බාන නොවේ) බිඳ හැරීම බිඳිම යන අරුත් දෙයි.
එනයින්  සත්වයා ලෝකයට බැඳ තබන "පටි" බිඳ හැරීමට උපකාරී වන කවි පටි + භාන = පටිභාන කවි නම් වෙයි.

           පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ ලෝක සත්වයා වෙත මහත් වූ දයානුකම්පාවෙන් යුතුව පිරිසුදු සමාධියේ සිටිමින්, සියලු උතුම් ගුණාංග කැටිකොටගත් මහානුභාව සම්පන්න පටිභාන කවි පන්තීන් තුළින් කරන්නට යෙදුනු කාව්‍යමය බෝධිපූජාව සහ අටවිසි බුද්ධ බෝධි සෙත් ශාන්තිය පහත ඇතුළත් කොට තිබේ. එම  කවි මනා සිහි ණුවනින් යුතුව ශ්‍රවණය කොට අවබෝධ කොටගෙන, ඒ තුළින් ලද හැකි උසස් ප්‍රතිඵල ළඟා කොට ගන්න.

තාක්ෂණික ගැටළු වෙතොත් කරුණාකර අඩවි කළමණාකරු දැනුවත් කරන්න
 

 

සෙත් පිරිත් දේශනාව  කාළය පැ : වි උසස් ශ්‍රවන තත්වය (MP3) මධ්‍යම ශ්‍රවන තත්වය (MP3)
සාමාන්‍ය ශ්‍රවන තත්වය
(MP3)
 
හැඳින්වීම - නීතිඥ චන්දන සිරිවර්ධන මහතා 0 : 06

015 MB බාගන්න

009 MB බාගන්න 004 MB බාගන්න
පටිභාන කාව්‍යමය බෝධිපූජාව 1 2 : 25 340 MB බාගන්න 204 MB බාගන්න 102 MB බාගන්න
පටිභාන කාව්‍යමය බෝධිපූජාව 2 2 : 15 318 MB බාගන්න 191 MB බාගන්න 095 MB බාගන්න
පටිභාන කාව්‍යමය බෝධිපූජාව 3 2 : 20 328 MB බාගන්න 197 MB බාගන්න 098 MB බාගන්න
අටවිසි බුද්ධ බෝධි සෙත් ශාන්තිය 1 : 23 195 MB බාගන්න 117 MB බාගන්න 058 MB බාගන්න

 


 

තවත් විග්‍රහයන් කිහිපයක්     

 

 

බුදු දහමේදී කාව්‍යමය ස්වරූපය භාවිතය සහ මෙම පටිභාන කවි තුළින් මතුව එන දහම් අරුත්, ආර්යයන් හට ඔවුනගේ නිවන් මගට උපනිශ්‍රය වන ආකාරය පිළිබඳව තව දුරටත් වටහාගනු කැමැත්තේනම් පහත සම්බන්ධතා තුළින් යොමු කෙරෙන ලිපි හා දේශණා පරිශීලනය කරන්න.

 

දහම් දෙසීමේදී කාව්‍යමය ස්වරූපය භාවිතය බාගන්න
බුදුන් වහන්සේ පෙන්වා දුන් කවියන් සිව්දෙනා සහ අපේ පැරණි කවිවලින් මතුවන දහම් අරුත් කියවන්න
ලොව අතිදුර්ලභ පටිභාන කවීත්වය නැවතත් කියවන්න
ශබ්ද විද්‍යානුකූලව ගෙතෙන පටිභාන කාව්‍යවල සුවිශේෂ ලක්ෂණ කියවන්න
පටිභාන කවීත්වයෙන් මතුවන මහා ධර්මස්කන්ධයෙන් බිඳක් කියවන්න