ආරෝග්‍යා පරමා ලාභා යන පදවැල පාදකකොට ගෙන මේ පෙන්වන්නට යන්නේ දහම් අරුත් වෙනස් වීම පිළිබදව එක් උදාහරනයකි.
        මෙම වචන පෙල විශේෂයෙන් රෝහල්, වෛද්‍යමධ්‍යස්ථාන, ලේ දන්දීම් ඇතුළුව බොහෝ ස්ථානවලදී ප්‍රදර්ශනය කෙරෙන්නකි. මෙහි අර්ථය ලෙස අද දක්වා සිටින්නේ
මෙම කයෙහි නිරෝගී බව උතුම්ම ලාභය බවයි. සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පාරමී බල පුරා පහලකොට ගත් මහා ප්‍රඥාව තුළින් ලෝකයේ යථාර්ථය දකිනා බුදුවරයෙකු මේ කුනුකය එක් නිමේෂයකටවත් වර්ණනා නොකරනු ඇත.
        අද වෙනත් අරුතක් දී ඇති මෙම පදවැල එදා ගෞතම බුදුන් දවසේදී උන්වහන්සේ විසින් නිවැරදි කරන ලද්දාහ. එහෙත් එම ගැඹුරු නිවැරදි අර්ථය අදවන විට යළිත් යටපත් වී ගොසිනි.
         එදා බුදුන් දවස වාසය කල මාගන්දිය නම් බමුණා තුළ මෙම වචන පෙල පිළිබදව තිබූ වැරදි අර්ථ කථනයත් ( අද ප්‍රචලිතව පවතින්නේද මෙම බමුණු මතයයි. ) එහි නිවැරදි ධර්මානුකූල අර්ථය සම්බුදු රජාණන් වහන්සේ
 කාරුණිකව පෙන්වාදුන් ආකාරයත් දැක්වෙන දහම් සාකච්ඡාවක් ත්‍රිපිටක ධර්මයේ මජ්ජිම නිකාය 2 : මාගන්දිය සූත්‍රයේ සටහන්ව ඇත්තේ පහත ආකාරයටය.

මේ පිළිබදව පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් කරන විග්‍රහය. ( සවන් දෙන්න )

 

සූත්‍ර පිටකය : මජ්ජිම නිකාය 2 : මාගන්දිය සූත්‍රය ( 299 පිට )

 

 

 

 

 

 

 

 

 

 

 


ඉතා පැහැදිලිව ත්‍රිපිටක ධර්මය තුළ දක්වා තිබෙන දහම් කරුණු පවා අද ඉදිරිපත් කොට ඇත්තේ කොතරම් වෙනස් ආකාරයකටද යන්න පෙන්වා දෙන එක් සරල උදාහරනයකි මේ. දහම් අරුත් සදහා කලින් කලට දෙන විවිධාකාර අර්ථ හේතුකොට ගෙන සිදුවන හානිය මෙයින් මනාව පැහැදිළි වේ.